මිනිසාට ජීවය ලබා දෙන පරිසර මාතාවගේ වියෝවය සනිටුහන් කරමින් මිනිසා විසින් සොබාදහම කුරිරු ලෙසින්
විනාශ මුඛයට ඇද දමමින් පවතී.
හමා යන මද සුළඟ, පියකරු තුරුලතා, සිත් වසඟ කරනා දිය ඇලි, සවන් පිනනා විහඟ නාදයන්, මල්ගොමු ආදී
සිත්කළු දර්ශන අද අපහට දැකගැනීමට, විඳගැනීමට පින්කර ඇතිවුවද අනාගත පරපුර හට එම දායාදයන් ලබා නොදීමට
තරම් අප කුරිරුවී ඇත.
තාක්ෂණයට පමණක් මුල්තැන දෙමින් කර්මාන්තයන් තුලින් රට සංවර්ධනය කිරීමට පමණක්ම මිනිසා පෙළඹී ඇත.
එක් අතකින් එය සාර්ථක වුවද එයින් ලැබෙන අනිසි ප‍්‍රථිපල පිලිබඳ මොහොතක්වත් සිතනවද යන්න අදවනවිට
වන්නාවූ ක‍්‍රියාදාමයන් දෙස බලනකල අපට වැටහෙන්නකි. අපට මතුපරම්පරාවන්ට ජීවත්වීමට අවශ්‍යනම් අපව
සුරකින පරිසරය අප විසින්ද සුරකිය යුතුම වන්නේය. එසේ නොවනකල ස්වභාවික විපත්තුලින්ද අප හට ආරක්ෂාවක්
ලබාගැනීම දුෂ්කර වනු ඇත. පරිසරය තුලින් අපට ජීවය ලැබෙන බව දන්නාවූ උගත් බුද්දිමත් මනුෂ්‍ය වර්ගයා අප තුලින්
එම පරිසරය විනාශමුඛයට ඇද දැමීම කෙතරම් යෝග්‍යදැයි වරක් දෙවරක් නොව කිහිපවරක්ම තම තාර්කික මනසින්
සිතා කටයුතු කල යුතුය.
No comments:
Post a Comment